Monday, September 16, 2013

සුළි සුළං


සුළි සුළං යනු කුමක්ද?

         සුළි සුළං යනු නිවර්තන කලාපය තුළ වර්ධනය වන කේන්ද්‍රය ආසන්නයේ අඩු වායු පීඩනයක් සහිත පද්ධතියක් වන අතර එහි කේන්ද්‍රය ආසන්නයේ සිට කිලෝ මීටර 100 ක් දක්වා පැතිර යා හැකි තද සුළං තත්ත්වයක් පවතී. කෙන්ද්‍රය ආසන්නයේ පවතින සුළං තත්ත්වය පැයට කිලෝ මීටර 119 වඩා වැඩි වූ විට සහ විටෙක එහි උපරිම අගය පැයට කිලෝ මීටර 170 ට වඩා වැඩි වන විට එය දරුණු ( ප්‍රබල) නිවර්තන සුළි සුළං ලෙස හදුන්වයි.
      ඉන්දියන් සාගර කලාපයේ නිවර්තන සුළි සුළං ලෙස හැදින්වෙන මෙම පද්ධති උතුරු පැසිපික් සාගරයේ ටයිෆූන් යන නමින් ද උතුරු අත්ලාන්තික් සාගරයේ හරිකේන් යන නමින් ද හදුන්වයි.
       ඉතාම ප්‍රබල සහ ව්‍යසනකාරී කාලගුණ පද්ධතියක් ලෙස නිවර්තන සුළි සුළං හදුන්වයි. සාමා‍න්‍යෙන් වසරකට සුළි සුළං 80 - 100 අතර ප්‍රමාණයක් නිවර්තන සාගර කලාපවල වර්ධනය වේ.     
 
 
 
සුළි සුළගක සංසරණ ක්‍රියාවලිය තිරස් දිශාවට කේන්ද්‍රයයේ සිට කිලෝ මීටර 1000 දක්වා සහ සිරස් දිශාවට මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර 15 ක් දක්වා විහිදී යයි. උතුරු අර්ධ ගෝලයේ සුළි සුළගක සුළං වාමාවර්තව භ්‍රමණය වන අතර දකුණු අර්ධ ගෝලයේ දී එහි සුළං දක්ෂිණාවර්තව භ්‍රමණය වේ.      

    
සුළි සුළගක වෘත්තාකාර  ඇස

        හොදින් වර්ධනය වූ සුළි සුළගක කේන්ද්‍රය ඇස ලෙස හැදින්වෙන අතර එය සාමාන්‍ය ලෙස කේන්ද්‍රයේ සිට අරය කිලෝ මීටර 5 - 50 වූ වර්ග ප්‍රමාණයක පැතිරී ඇත. එය වැසි රහිත වළාකුඵ වලින් තොර සහ මද සුළං සහිත වෘත්තාකාර ප්‍රදේශයකි. මෙය චන්ද්‍රිකා ඡායාරූප වල කඵ පාට වෘත්තාකාර ලපයක් ලෙස දිස් වේ.



ඇස වළා පවුර

       කිලෝ මීටර 15 - 18  උස් වූ කිලෝ මීටර 10 - 15 ක් පළල් වූ ඝන වෘත්තාකාර වළා පවුරක් වන මෙයින් ඇස වටවී ඇති අතර මෙය ඉතා තද වැසි සහ ඉතා දැඩි සුළං සහිත වේ.  



සර්පිලාකාර වළාතීරු 

       කේන්ද්‍රය තුළට සම්බන්ධ වූ සර්පිලාකාර වළාතීරු කීපයක් ඇස වළා පවුරින් පිටත දක්නට ලැබේ. මෙම සර්පිලාකාර වලාතීරු වල ද තද හා දැඩි සුළං පවතී.


       

                        
                    සුළි සුළගක ඇස
 
 
            වැසි රහිත , වළාකුළු වලින් තොර සහ මද සුළං සහිත සුළි   
            සුළගක ඇස ඔබ නොමග යැවීමට ඉඩ ඇත. ඉතා දැඩි සුළං
            සහ  වැසි වලින් පසු ව එන මෙම වැසි රහිත , වළාකුඵ   
            වලින් තොර සහ මද සුළං සහිත අවස්ථාව තාවකාලික වේ.    
 
                    . . . . . එබැවින් මතක තියාගන්න . . . . . .
               
            පැය කීපයකින් නැවතත් ඔබට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉතා දැඩි      
            සුළං සහ තද වැසි වලට මුහුණ දීමට සිදු වන බව !!!



      සුළි සුළගක උපත සහ වර්ධක අවධි        
 
     අවධිය           උපරිම සුළං වේගය               බලපෑම
   අඩු පීඩන ප්‍ර‍දේශ       35 ට අඩු                                     සැලනිය යුතු නිවාස හානි නොමැත. සමහර 
                                                                                          ශාක හා වගාවන් ට හානි පැමිණිය හැකි ය.    

   පීඩන අවපාත               35 - 65                                       සුඵ නිවාස හානි. ශාක වලට තරමක හානි. 
                                                                                          වගාවන් ට සැලකිය යුතු හානි.  
 
   සුළි කුණාටු                  65 - 125                                     තරමක නිවාස හානි. ප්‍රාදේශීය විදුලි බල පද්ධති
                                                                                          වල ට හානි.
 
   සුළි සුළග                     125 ට වැඩි                                  දැඩි නිවාස හානි. විශාල බල ප්‍රදේශය විදුලි බල 
                                                                                          පද්ධතිය ට හානි.  
 
 
 
 සුළි සුළගක දී ආරක්ෂා වීම සහ සූදානම් වීම
           
        සුළි සුළගක් ඒමට පෙර
   
  නිවසේ වහල, බිත්ති ආදිය ආරක්ෂාකාරී දැයි විමසන්න.

  නිවසට හානි ගෙන දිය හැකි උස ගස් වල අතු කපා දමන්න.

  තද සුළං අවස්ථාවක දී වැදීමෙන් හානි විය හැකි ද්‍රව්‍ය ආරක්ෂිතව අසුරන්න. 

  මුහුද ගොඩගැලීමක දී හෝ ගංවතුරකදී ආරක්ෂා වීම සදහා ළගම ඇති උස් ස්ථානයක් හා එයට ඉක්මනින් 
  ළගා විය හැකි මාර්ග හදුනාගෙන සිටින්න.

  හදිසි අවස්ථාවක දී භාවියෝතය ට පහත ද්‍රව්‍ය සූදානම් කර තබාගන්න. 
                            පානීය වතුර බෝතල් , ප්‍රථමාධාර ද්‍රව්‍ය , වියළි ආහාර ද්‍රව්‍ය , ගිනි පෙට්ටියක් හා   
  ලන්තෑරුමක්, පොරවන රෙදි , බැටරියෙන් ක්‍රියාකරන රේඩියෝවක් , විදුලි පන්දමක් සහ බැටරි 

  හදිසි අවස්ථාවක දී භාවිතා කළ යුතු අත්‍යවශ්‍ය දුරකථන අංක